11 July 2025

logo

උමගක සිර වී සිටි ඉන්දියානුවන් 41 දෙනා දින 17 කට පසු එළිය දකියි (VIDEO)



ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රාන්තයේ, උමං මාර්ගය තුළ දින 17 ක් තිස්සේ සිරවී සිටි කම්කරුවන් 41 දෙනාම බේරාගෙන තිබෙනවා. 

කම්කරුවන් බේරා ගැනීම සිදුකෙරුණේ ඔවුන් සිරවී සිටින තැනට සිරස් අතට මීටර් 60 ක් දිග සිදුරක් විදීමෙන්. 
 
එම සිදුරට අඩි දෙකක් පළල නලයක් ඇතුළු කර සිරවුණු 41 දෙනා, එම නළය හරහා පිටතට ගැණුනා. 
 
ඒ ඉන්දීය ජාතික ආපදා කලමණාකරණ අධිකාරිය විසින්. 
 
Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටුවූයේ පසුගිය නොවැම්බර් මස 12 වැනිදායි. 
 
දින 16ක කාලයක් එහි සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට එතැන් සිට අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා. 
 
මෙම දැවැන්ත ගලවාගැනීමේ මෙහෙයුම පසුගිය සති දෙකක කාලය තුළ ලෝකයේම අවධානයට ලක්ව තිබුණා.
(colombotimes.lk)