20 May 2025


හිටපු අමාත්‍යවරියකට අධිචෝදනාවක්



අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරියක් වන චන්ද්‍රාණි බණ්ඩාරට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඒ කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියාපටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තාව වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධූරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා බලපෑම් කිරීම සම්බන්ධයෙන්.

එම ක්‍රියාව තුළින් අල්ලස් පනත යටතේ දූෂණය නැමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් චෝදනා එකක් යටතේ මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයින් 08දෙනෙක් නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)