අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අනියුක්තව සේවය කළ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ගේ සහ බන්ධනාගාර රියදුරෙක්ගේ වැඩ තහනමකට ලක් කර තිබෙනවා.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක සඳහන් කළේ පසුගිය 16වනදා අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට අයත් බස් රථයක් රැඳවියෙක් හා එම රැඳවියාගේ පවුලේ උදවිය සමඟ වැලිගම නගරයෙන් බැහැර ස්ථානයක නවතා තැබීමේ සිදුවීමකට අදාළව සිදු කරන මූලික පරික්ෂණයට සහය ලබාදීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.