20 May 2025


ජනපතිගෙන් විශේෂ පියවරක්



ශ්‍රීලංකන් ගුවන් සමාගමේ සිදුවී තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ අංශවලට අද (20) උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ඊට අනුබද්ධ සියලුම වෘත්තීය සමිතිවල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (20) පැවති සාකච්ඡාවේදීයි.

මෙම සාකච්ඡාව පැය 4කට ආසන්න කාලයක් පැවති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)