02 July 2025

logo

නවසීලන්තයේ විශේෂ පුද්ගලයෙක් 24වනදා ශ්‍රී ලංකාවට පැමිණෙයි



නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් ලබන 24වනදා සිට 28වනදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

මෙම සංචාරය අතරතුරදී නවසීලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවීමට නියමිතයි.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ නවසීලන්ත විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙක්ද මෙම සංචාරයට සහභාගී වන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)