27 May 2026

logo

දේශබන්දුට එරෙහිව මාසයක් තුළ අධි චෝදනා ?



හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව මාසයක් තුළ අධි චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා. 

ඒ ගාලු මුවදොර, අරගලයට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළවයි.

සිද්ධියේ සැකකරුවෙක් ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළ ලිපියක් බල රහිත කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවකට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ ඇපෑලක් කැඳ වූ අවස්ථාවේ නීතිපතිවරයා එම දැනුම්දීම සිදු කර තිබෙනවා. 

(colombotimes.lk)