27 May 2026

logo

වෙසක් සතිය තුළ වැසෙන ස්ථාන ගැන දැනුම්දීමක්



රාජ්‍ය වෙසක් උත්සවය වෙනුවෙන් මස් මාංශ අලෙවි සැල්, මස් පිණිස සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමට තීරණය කර තිබෙනවා. 

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ අද (27) සිට ජූනි මස 2වනදා දක්වා වෙසක් සතිය පුරාවට ඉහත ස්ථාන වසා දමන බවයි.
 
මේ අතර මැයි මස 30, 31 සහ ජූනි 01වනදා යන දිනයන්වල දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මස් මාංශ අලෙවිය නැවැත්වීමටත්, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත් අවශ්‍ය කටයුතු කරන ලෙස එම අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා. 

(colombotimes.lk)