හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල, දියණිය ඇතුළු විත්තිකරුවන් 04දෙනෙක්ට අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩු 02ක් සඳහා කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදී තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම අධිචෝදනා භාරදීම සිදු වී තිබෙන බවයි වාර්තා වන්නේ.
කෙහෙළිය රඹුක්වැල්ල, රමිත් රඹුක්වැල්ල, දියණිය වන අමාලි නයනිකා රඹුක්වැල්ල සහ ඔවුන්ගේ සේවිකාවක වන නිපුනි ක්‍රිෂ්ණජිනා යන අයට එරෙහිව ගොනුකර තිබූ නඩු 02කට අදාළව මෙම චෝදනා භාරදී තිබෙනවා.
ඉන් අනතුරුව එක් එක් විත්තිකරුවෙක්ට රුපියල් 50,000 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදා හැරීමට නියෝග කළ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන ලෙසත් නියෝග කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඉන් අනතුරුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා එම නඩු දෙක ජනවාරි මස 12 සහ 14 යන දිනවල කැඳවන ලෙසත් නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
