colombotimes.lk
සිංහල | English

02 May 2024

ලෝකයක් බලා සිටින ඉන්දු පාකිස්ථාන සීතල යුද්ධයට සියල්ල සූදානම්



මුළු ලෝකයම බලා සිටින සීතල යුද්ධය, ඒ කියන්නේ ඉන්දියා පකිස්ථාන තරගය අද පැවැත් වෙනවා. මේ තරගය අද පස්වරු 2ට ආරම්භ වන අතර තරගය පැවැත් වෙන්නේ ලොව වැඩිම පිරිසකට නැරඹිය හැකි ක්‍රීඩාංගනය වන ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේදී.

මේ නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ සිට 130000 වැඩි පිරිසකට එකවර තරග නැරබිමේ හැකියාව තියෙනවා.

ලොව ශ්‍රේෂ්ඨතම ක්‍රිකට් ප්‍රතිවාදීන් දෙදෙනෙක් වන ඉන්දියාව සහ පකිස්ථානය ලෝක කුසලාන තරග වලදී හත් වතාවක් ගැටී තියෙනවා. කෙසේ වෙතත් පාකිස්තානයට මෙතෙක් ඉන්දියාවට එරෙහිව ලෝක කුසලාන තරගාවලියක එක් තරගයක් හෝ ජය ගැනීමට හැකියාව ලැබී නෑ. 2011 ලෝක කුසලාන අවසන් පූර්ව තරගය වඩාත් තියුණු වූ තරගය වූ අතර එහිදී ඉන්දියාව ලකුණු 29 කින් ජයග්‍රහණය කරා. 2019 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පකිස්ථානය අතර තරගය ලකුණු 89 කින් ඉන්දියාව ජය ගත්තා.

කෙසේ වෙතත් ඉන්දියාව සහ පාකිස්තානය ලෝක කුසලාන තරගාවලිවල තරග හැරුණු විට එක්දින තරග 134 කදී හමුවී තිබෙනවා. පාකිස්තානය තරග 73ක් ජයගෙන ඇති බැවින් පාකිස්තානය එක්දින ආකෘතියේ ඉන්දියාවට වඩා ඉදිරියෙන් සිටිනවා.ඒ වගේම ඉන්දියාව ජය ගෙන ඇත්තේ තරග 56ක් පමණයි. තවත් තරග පහක් ප්‍රතිඵලයක් නොමැතිව අවසන් වී තිබෙනවා.

දැනට ඉන්දියාව සිය මවුබිමේදී පකිස්ථානයට එරෙහිව තරග 11ක් ජය ගෙන තිබෙනවා.පාකිස්තානය තම මවුබිමේදී ඉන්දියාවට එරෙහිව තරග 17ක් ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දීය භූමියේදී පවා පාකිස්තානය ඉන්දියාවට එරෙහිව තරග 19ක් ජයග්‍රහණය කරන්නට සමත් වෙලා තියෙනවා.

මෙවර ලෝක කුසලානයේ ඉන්දීය කණ්ඩායමත් පකිස්ථාන කණ්ඩායමත් ක්‍රීඩා කරන 3 වන තරගය තමයි අද පැවැත්වෙන්නේ.

මෙවර ලෝක කුසලානයේ මේ වන විට පකිස්ථාන කණ්ඩායම ක්‍රීඩා කළ තරග 2ම ජය ගැනීමට ඔවුන් සමත් වී තිබෙනවා.
පකිස්ථානය ක්‍රීඩා කළ පළමු තරගය නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 81ක පහසු ජයක් ලබාගත්තා.පකිස්ථානය ක්‍රීඩා කළ 2 වන තරගය පැවැත් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගයි. ඒ තරගයේ ජය  වාර්තා කිරීමට පකිස්ථානය සමත් වුණේ තවත් වාර්තාවක්ද තබමින්. ඒ ලෝක කුසලානයක හඹා ගොස් ජයග්‍රහණය කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

ඉන්දියාවද දැනට ක්‍රීඩා කළ තරග 2ම ජය ගෙන තිබෙනවා.ඉන්දියාව ක්‍රීඩා කළ පළමු තරගය ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව පැවැත් වුණා. මේ තරගයෙන් ඕස්ට්‍රේලියා කණ්ඩායම අන්ත අසරණ කළ ඉන්දීය කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් වාර්තා කළා. ඉන්දියාව සහබාගී වූ දෙවන තරගය පැවැත් වුණේ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගයි.ඒ තරගයෙන් ඇෆ්ගනිස්තානුවන් කඩුලු 8 කින් පරාජය කරන්නට ඉන්දියාව සමත් වුණා.

ICC එක්දින ශ්‍රේණිගත කිරීම් වල අංක එකේ පිතිකරු වන්නේ වත්මන් පකිස්ථාන නායකයා වන බාබර් අසාම්. 2 වන ස්ථානයේ රැදී සිටින්නේ ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු වන ශුග්මන් ගිල්. ඒවගේම ශ්‍රේණිගත කිරීම් වල හොඳම පන්දු යවන්නන්ගේ 2 වන ස්ථානයේ සිටින මොහොමඩ් සිරාජ් ඉන්දීය කණ්ඩායමේ සිටිනවා.

ඉන්දියාවේ Ishan Kishan අද දවසේදී ලකුණු 67ක් රැස් කරගන්නට සමත් වුනොත් ඔහුට තම එක්දින ලකුණු 1000 පසු කරන්නට හැකියාව ලැබෙනවා.
එමෙන්ම පකිස්ථානයේ  Hasan Ali  අද තවත් කඩුලු  3ක් දවා ගන්නට සමත් වුවහොත් ඔහු එක්දින කඩුලු 100 පසු කරනවා.
Nipuna Munaweera @ COLOMBO TIMES