27 December 2024


දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සෙනසුරාදා විවෘත වෙයි



එළඹෙන සෙනසුරාදා සියලුම ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල විවෘතව තබන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර සඳහන් කළේ සෑම වර්ෂයකම සියලු ආදායම් වාර්තා ලබාදිය යුතු අවසන් දිනය නොවැම්බර් 30 වනදා වන බැවින් ලබන සෙනසුරාදා සිය කාර්යාල විවෘතව තබන බවයි.

2017 අංක 24 දරණ දේශීය ආදායම් පනත අනුව සියලු ආදායම් වාර්තා එනම් සංස්ථාපිත ආදායම් බදු, තනි පුද්ගල ආදායම් බදු සහ හවුල් ව්‍යාපාර ආදායම් බදු ලබාදිය යුතු වනවා.

(colombotimes.lk)