මෝටර් රථයක සඟවා තිබූ රුපියල් 32,840,000ක මුදලක් සහ ග්‍රෑම් 150ක ප්‍රමාණයෙන් යුත් රන් භාණ්ඩ අද (17) අලුයම සොයාගෙන තිබෙනවා.
ඒ දෙවුන්දර - හුම්මාන මාර්ගයේ රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් විශේෂ කාර්ය බළකායේ දෙවුන්දර කදවුරේ නිලධාරින් විසින්.
මාර්ගයේ ගමන් කරමින් තිබූ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කර බැලීමේදී මෙම මුදල් හා රන් භාණ්ඩ සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී පුද්ගලයන් 5දෙනෙක් සැකපිට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් පිරිස අතර බස්නාහිර පළාත් බුද්ධි මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්ද සිටින බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)