21 December 2024


නීති විරෝධී මූල්‍ය යෝජනා ආයතන 20ක් ගැන විමර්ශන



නීති විරෝධී මූල්‍ය යෝජනා ක්‍රියාත්මක කළ ආයතන 20කට එරෙහිව විමර්ශන ආරම්භ කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

එහි මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඉන් ඇතැම් ආයතන පිළිබඳව නීතිමය කටයුතු අධිකරණයේ ක්‍රියාත්මක බවයි.

එමෙන්ම සෙසු ආයතන පිළිබඳ අධිකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා විමර්ශන සිදු කරමින් පවතින බවද මහ බැංකුව සඳහන් කළා.

එවැනි නීති විරෝධී මූල්‍ය යෝජනාවලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක්ද මහ බැංකුව ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)