ජනාධිපති අරමුදල භාවිතා කළ අයට එරෙහිව පියවර ගන්නා ලෙස ඊයේ (20) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කාමන්ත තුෂාර විසින්.
අදාළ පැමිණිල්ලේ සඳහන් වන්නේ හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ 2005 සිට 2024 දක්වා කාල සීමාවේදී සිය බලතල ප්‍රාකාරව ජනාධිපති අරමුදල අවභාවිතයේ යොදවමින් මන්ත්‍රීවරුන් සඳහා මුදල් ලබාදීම සිදු කර ඇති බවයි.
ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය නලින් ද ජයතිස්ස විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාව ද එම පැමිණිල්ලේ ඇමණුමක් ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා.
(colombotimes.lk)