21 December 2024


තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්



රුපියල් මිලියන 120,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් එළඹෙන 24වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ රුපියල් මිලියන 30,000ක් වටිනා දින 91කින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් සහ දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් එහිදී වෙන්දේසි කරන බවයි.

එමෙන්ම එහිදී දින 364කින් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත්ද වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)