15 June 2026

logo

මැදපෙරදිග රටවල් 5කින් ඉරානය වන්දි ඉල්ලයි



ඉරානය ඉලක්ක කරගනිමින් ඇමරිකාව දියත් කළ හමුදා ක්‍රියාන්විත සඳහා සහය දැක්වීම සම්බන්ධයෙන් මැදපෙරදිග රටවල් 05කින් වන්දි ලබාගැනීමට ඉරානය තීරණය කර තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නිත්‍ය නියෝජිත අමීර් - සයිඩ් ඉරවානි විසින් ආරක්ෂක මණ්ඩලය වෙත නිල ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ.

සෞදි අරාබිය, බහරේනය, කටාර් රාජ්‍ය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ ජෝර්දානය යන රටවල්වලට මෙලෙස චෝදනා එල්ල වී තිබෙනවා.   

(colombotimes.lk)