21 February 2025


වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර නිලධාරීන් කළු පටි පැළඳ සේවයට එයි



වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර නිලධාරීන් අද (19) කළු පටි පැළඳ සේවයට වාර්තා කර තිබෙනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ පසුගිය 17 සහ 18 යන දෙදින අසනීප නිවාඩු වාර්තා කළද මේ වනතෙක් සිය ගැටලු සඳහා සාධනීය විසඳුමක් ලබාදී නොමැති බවයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාර සේවයේ සේවා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සහ තවත් ගැටලු කිහිපයක් මූලික කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියා මාර්ග ආරම්භ කළ බව වෘත්තීය සංගම් සඳහන් කළා.

(colombotimes.lk)