18 January 2026

logo

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් ගැන තීරණයක්



මෙරට ඉන්ධන පිරවුම්හල්වලට සනීපාරක්ෂක පහසුකම් සැපයීම සඳහා ජාතික මට්ටමේ වැඩසටහනක් දියත් කිරීම අද (14) ජනාධිපති කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා ජනාධිපති කාර්ය සාධක බලකාය, බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රධාන ඉන්ධන සපයන්නන් සිව් දෙනෙකු වන ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා IOC PLC. සිනොපෙක් එනර්ජි ලංකා (පුද්ගලික) සමාගම සහ RM පාර්ක්ස් (පුද්ගලික) සමාගම අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවයි.

මෙම වැඩසටහන යටතේ දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් පිරිසිදු, ආරක්ෂිත සහ දුබලතා ඇති පිරිස් වෙත පහසුවෙන් ප්‍රවේශ විය හැකි සනීපාරක්ෂක පහසුකම් සහිත ස්ථාන බවට පරිවර්තනය කිරීම අරමුණු කර තිබෙනවා.

news images
 
(colombotimes.lk)