04 July 2025

logo

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර



ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ගොඩබිම් ප්‍රහාර පුළුල් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගාසා තීරයට පසුගියදා එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පසු ගොඩබිම් ප්‍රහාර ද පුළුල් කර ඇති බවයි.

පසුගියදා ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 430කට අධික සංඛ්‍යාවක් මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා තිබෙනවා.

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර පවතින සටන් විරාමයේ කාලසීමාව දීර්ඝ කරගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුව ද දෙපාර්ශවයම එහිදී එකඟතාවට පත්වී නොමැති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීම යළි ආරම්භ කර තිබෙනවා.

(colombotimes.lk)