01 September 2025

logo

2026 වසර සඳහා ගිනිඅවි බලපත්‍ර නිකුත් කිරීම ඇරඹෙයි



2026 වසර සඳහා ගිනි අවි බලපත්‍ර නිකුත් කිරීම අද (01) සිට ආරම්භ වන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය සඳහන් කළේ දෙසැම්බර් 31වනදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බවයි.

ඊට අදාළ අයදුම්පත් ආරක්ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ලබාගත හැකි බවයි වාර්තා වන්නේ. 

2026 / 2027 වසර සඳහා පෞද්ගලික ආරක්ෂක නියෝජිතායතන ලියාපදිංචිය හා අලුත් කිරීමේ කටයුතු ද අද ආරම්භ වන අතර එම සේවාවද දෙසැම්බර් 31වනදා දක්වා ක්‍රියාත්මක වනවා. 

එමෙන්ම එම කාලසීමාවෙන් පසු සිදු කරන අලුත් කිරීම් සඳහා ප්‍රමාද ගාස්තු සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද සිදු වන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)