ජාතික තරුණ සේවා සභාවේ සභාපති චින්තක ධර්ශන හේවාපතිරණ එම තනතුරෙන් ඉවත් වී තිබෙනවා. එහිදී ඔහු ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ එළඹෙන 03 වනදා සිට තමා එම තනතුරෙන් ඉල්ලා අස්වන බවයි.ඔහු ජාතික තරුණ සේවා සභාවේ 32වන සභාපතිවරයා වනවා.