31 January 2025


ඔක්තෝබර් මාසයේ නව ජාතික උත්සවයක්



ශ්‍රී ලංකාවේ සියලුම ප්‍රජාවන් එකට එකතු කර සියලු සංස්කෘතීන්, වටිනාකම් සහ සම්ප්‍රදායන් සමරන ජාතික උත්සවයක් ස්ථාපිත කිරීම සඳහා අයවැය යෝජනාවක් ඉදිරිපත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ අද (31) යාපනය ප්‍රදේශයේදී අදහස් දක්වමින්.

එහිදී ඔහු කියා සිටියේ දෙමළ, සිංහල, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාමීය ප්‍රජාවන් එක්සත් කරන උත්සවයක් සඳහා තමා අපේක්ෂා කරන බවයි.

මෙම උත්සවය ඔක්තෝබර් මාසයේදී පැවැත්වීමට නියමිත බවත්, ආහාර, ජීවන රටාව, සංගීතය, නාට්‍ය සහ කලා හරහා බෙදාගත් සංස්කෘතියක් ප්‍රදර්ශනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

 
(colombotimes.lk)