දින 390කට පසු යළි කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ධාවනය වූ රාත්රී තැපැල් දුම්රිය අද (31) කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරිමට නියමිතව තිබෙනවා.
2024 වසරේ ජනවාරී 05වනදා සිට මෙම දුම්රිය ගමන්වාරය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් කටයුතු කළා.
ඒ උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ අනුරාධපුර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු හේතුවෙන්.
(colombotimes.lk)