31 January 2025


ජනවාරියේ උද්ධමනය පහළට



කොළඹ පාරිභෝගික මිල දර්ශකය මඟින් මනිනු ලබන 2025 ජනවාරි මාසය සඳහා ශ්‍රී ලංකා උද්ධමනයේ සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 දෙසැම්බර් මාසයේ -1.7%ක් ලෙස පැවති වාර්ෂික උද්ධමන අනුපාතය ජනවාරි මාසයේදේ -4.0%ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

ආහාර උද්ධමනය ජනවාරි මාසයේදී -2.6%ක් දක්වා අඩු වී තිබෙනවා.

එය 2024 දෙසැම්බර් මාසයේ සටහන් වුණේ 0.8%ක් ලෙසයි.

මේ අතර ආහාර නොවන උද්ධමනය -4.7%ක් ලෙස සටහන් වූ බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා.



(colombotimes.lk)