12 December 2024


යාපනය කැළඹූ උණ රෝගය හඳුනාගනියි



යාපනය රෝහලේදී පුද්ගලයන් 07 දෙනෙක් මිය යාමට හේතුව මී උණ බව තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ සාම්පල පරීක්ෂාවෙන් අනතුරුව මේ බව තහවුරු වූ බවයි.  

උණ සහ හුස්ම ගැනීමේ අපහසුතා හේතුවෙන් ගෙවුණු දින කිහිපය තුළ යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ රෝගීන් අතරින් 7 දෙනෙක් මියගොස් තිබෙනවා.

(colombotimes.lk)