04 July 2025

logo

එක්සත් ජනපදය, පිලිපීනය සහ ජපානය ඒකාබද්ධ වෙයි



එක්සත් ජනපදය, ජපානය සහ පිලිපීනයේ වෙරළාරක්ෂක භටයින් දකුණු චීන මුහුදේ සමුද්‍ර අභ්‍යාස දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

රටවල් තුන ඒකාබද්ධව සමුද්‍ර අභ්‍යාසයක් සිදුකරන පළමු අවස්ථාව මෙයයි.

චීනයේ ක්‍රියාකාරකම් පිළිබඳව නිරීක්ෂණය කෙරෙන කාලයක මෙම අභ්‍යාසය සිදුකිරීම විශේෂත්වයක්.

මෙම සමුද්‍ර අභ්‍යාසය පිලිපීනයේ Bataan පළාතට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී අද (01) ආරම්භ වීමට නියමිතයි.

එය එළඹෙන ජුනි 7 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 
(colombotimes.lk)