22 November 2024


ජපුර සිසුන් විරෝධතා පාගමනක් අරඹයි



ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය අද (05) දහවල් කොළඹදී විරෝධතාවයක නිරත වී තිබෙනවා.

ඒ උපකුලපති, විගණකාධිකාරී, කළමනාකරණ පීඨාධිකාරීන්ගේ උවමනාව මත ශිෂ්‍ය සංගම් මර්දනය කිරීම සඳහා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල වහා හකුලා ගන්නා ලෙස බලකරමින්.

ඔවුන් විරෝධතා පාගමනක නිරතවෙමින් විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට සිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණ තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණි සිසුන් එහිදී විරෝධතාවක නිරත වූ අතර පසුව සිසුන් 6 දෙනෙක්ට නිලධාරීන් සමඟ සාකච්ඡාවක නිරතවීමට අවස්ථාව හිමි වී තිබෙන බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)