colombotimes.lk
සිංහල | English

06 May 2024

කැනඩා අගමැති තම විවාහය අවසන් කිරීමට තීරණය කරයි



කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ (51) සහ බිරිඳ සෝෆි (48) වෙන් වීමට තීරණය කර තිබෙනවා. 

ඒ වසර 18 ක විවාහ ජීවිතයට තිත තබමින්. 
 
2005 වසරේ මොන්ත්‍රියාල් නුවරදී ඔවුන් දෙදෙනා විවාහ වුණා. 
 
ඔවුන් දෙදෙනාට දරුවන් තිදෙනෙක් සිටිනවා. 
 
ඒ පුතුන් දෙදෙනකු සහ දියණියක්. වැඩිමල් පුතු සේවියර්ගේ වයස අවුරුදු 15 ක්, දෙවැනියා වන දියණියගේ වයස අවුරුදදු 14 ක් සහ බාල පුතුගේ වයස අවුරුදු 9 ක් වනවා. 
 
වෙන් වීමට තීරණය කළත් දරුවන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය සියලු දේ කිරීමට කටයුතු කරන බවයි ටෲඩෝ සහ සෝෆි පවසා ඇත්තේ.
(colombotimes.lk)