ශ්‍රී ලංකාව ඇතුළු රටවල් බොහොමයක් ඔක්තෝබර් මස 01වනදා ලෝක ළමා දිනය සමරනු ලබනවා.
මෙම වසරේ ලෝක ළමා දිනයේ තේමාව වන්නේ 'ආදරෙන් සුරකින්න - අපට ලොව දිනන්නට 'යන්නයි.
එම දිනයට සමගාමීව ළමුන් සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන ඒකාබද්ධව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් හා පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ සංවිධායකත්වයෙන් ලෝක ළමා දින ජාතික වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
ලෝක ළමා දින ජාතික සැමරුම් වැඩසටහනට සමගාමීව 2025-09-25 වනදා ආරම්භ කර 2025-10-01 වනදා දක්වා ප්‍රධාන ජාතික සැමරුම ද ඇතුළත්ව 'ළමා දින ජාතික සතියක් ' ප්‍රකාශයට පත් කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)