ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය මැයි මස 03වනදා පවත්වන බව එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පවසනවා.
ඔහු සඳහන් කළේ කම්කරු පක්ෂයට පාර්ලිමේන්තුවේ සුළු බහුතරයක් පමණක් පැවතිය ද මැතිවරණය ජයග්‍රහණය කිරීමට හැකි බවයි.
දැනට සිදු කර ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව ප්‍රධාන පක්ෂ දෙකට ස්වාධීන හෝ සුළු පක්ෂවල සහාය ලබා ගැනීමකින් තොරව රජයක් පිහිටුවිය නොහැකි බවට අනාවරණය වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මෙවර මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාව වන බවයි.
කම්කරු පක්ෂය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් දශකයකට පමණ පසු අඛණ්ඩව දෙවරක් මැතිවරණය ජයග්‍රහණය නොකළ පළමු පක්ෂය බවට පත්වනවා.
(colombotimes.lk)