colombotimes.lk
සිංහල | English

27 April 2024

කසුන් රාජිත දෙවැනි ටෙස්ට් තරගයෙන් ඉවතට



වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිතට ආබාධයක් හේතුවෙන් දෙවැනි ටෙස්ට් තරගය අහිමිවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.

බංගලාදේශයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කඩුලු 8ක් දවා ගැනීමට ඔහු සමත් වුණා.

ඒ අනුව ඔහුට සති කිහිපයක් විවේක ගැනීමට සිදුව ඇති නිසාවෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි සඳහන් වන්නේ.

මේ හේතුවෙන් ඔහුගේ ස්ථානයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු කැඳවූ බව ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)