20 May 2025


කෙහෙළිය අධිකරණයට එයි



රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් අද (20) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙනවිත් තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් දූෂණය නැමති වරද සිදු කළ බවට සැකපිට පැමිණිලි 3කට අදාළව අත්අඩංගුවට ගෙන ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කළා.

එම නඩුව අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ඉදිරියේ කැඳවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)