අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කළ නියෝගය ඉවත් කරන්නේ ද? නැද්ද? යන තීරණය ලබන 17වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම නියෝගය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
මෙම නඩුකරය කැඳවූ අවස්ථාවේදී කෙහෙළිය රඹුක්වැල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අරගල සමයේ තම සේවාදායකයාගේ නිවස ගිනිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලැබුණු රුපියල් ලක්ෂ නවසිය පනහක වන්දි මුදල හා ඔහුගේ විශ්‍රාම වැටුප දැනට අධිකරණය මඟින් තහනමට ලක්කර තිබෙන තම සේවාදායකයාගේ පාර්ලිමේන්තු බැංකු ගිණුමට බැර වී තිබෙන බවත් සඳහන් කර තිබෙනවා.
එබැවින් අදාළ බැංකු ගිණුමට පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)