මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කෙරෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ අනෙක් දියණියන් දෙදෙනා සහ එක් දියණියකගේ ස්වාමිපුරුෂයෙක් අද (19) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණ තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
එමෙන්ම ඊට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දියණියක් වන චන්දුලා රමලි රඹුක්වැල්ල ඊයේ (18) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගනු ලැබුවා.
(colombotimes.lk)