02 July 2025

logo

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑනා අත්අඩංගුවට



මුදල් විශුද්ධිකරණ චෝදනා මත පැවැත්වෙන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් දෙදෙනා හා බෑණා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

එම කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ චමිත්‍රි ජයනිකා රඹුක්වැල්ල, අමලි නයණිකා රඹුක්වැල්ල සහ අමලි රඹුක්වැල්ල යන අයගේ ස්වාමිපුරුෂයා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන පුද්ගලයන්ව බවයි. 
 

(colombotimes.lk)