කතරගම කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමි අද (11) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වැඩම කළා.
ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
උන්වහන්සේ පැය 07ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ ඉදිකරන ලද නිවසක් සම්බන්ධයෙන් කරුණු විමසීමට අදාළව උන්වහන්සේට මෙම කැඳවීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)