11 July 2025

logo

කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනිය රිමාන්ඩ්



අස්වැසුම මුදල් වංචා කළ බව කියන කොළොන්න ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරිනියක රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ එළඹෙන 16වනදා දක්වායි. 

අස්වැසුම මුදල් වංචා කළ බවට සැකපිට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරිවරිය ඊයේ (13) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

සැකකාරිය විසින් අස්වැසුම මුදල් රුපියල් තිස් පන්ලක්ෂ අසූ දහසක මුදලක් වංචා කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)