21 February 2025


කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට



ආපන ශාලාවල ආහාර මිල ගණන් අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීටම කටයුතු කරන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

ඒ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන්.

ඒ අනුව ප්ලේන්ටියක මිල රුපියල් 05කින් සහ කිරි තේ එකක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.

සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය සඳහන් කළේ ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රුපියල් 30කින් සහ ෂෝටීස් වර්ගවල මිල රුපියල් 10කින් ඉහළ දැමීමට කටයුතු කරන බවයි.
 
(colombotimes.lk)