colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL 2024 - 1st Semi Final | කාසියේ වාසිය දකුණට



2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද (18) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ඒ, LPL ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැඳී සිටින Galle Marvels කණ්ඩායම සහ දෙවන ස්ථානයේ රැඳී සිටින Jaffna Kings කණ්ඩායම අතරයි.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Galle Marvels කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

මෙම තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වනවා.

(colombotimes.lk)