colombotimes.lk
සිංහල | English

18 October 2024


LPL 2024 - 1st Semi Final | දකුණේ අභිමානය පෙන්වමින් 3වන වරටත් ගාල්ල අවසන් මහා තරගයට



2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා Galle Marvels කණ්ඩායම අද (18) සුදුසුකම් ලබා ගත්තා.

ඒ අද පැවති පළමු අවසන් පූර්ව තරගයේදී Jaffna Kings කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 177ක් රැස් කරගත්තා.

අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ලකුණු 178ක ඉලක්කයක් හඹා ගිය Galle Marvels කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු 3ක් දැවී තරගය ජයග්‍රහණය කළා.

Galle කණ්ඩායම LPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් 3වන අවස්ථාව මෙයයි.

මෙම තරගය පරාජය වුවද Jaffna Kings කණ්ඩායමට අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට තවත් එක් අවස්ථාවක් තිබෙනවා.

ඒ අනුව අද රාත්‍රීයේ පැවැත්වෙන Eliminator තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායම සමඟ Jaffna Kings කණ්ඩායමට තරග කිරීමට සිදු වන අතර එම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් මහා තරගයට සුදුසුකම් ලබනවා.

(colombotimes.lk)