colombotimes.lk
සිංහල | English

04 July 2024

LPL 2024 - DS Vs KF | වනිඳුගේ නුවර පිළට දඹුල්ලෙන් දැවැන්ත ඉලක්කයක්



2024 LPL තරගාවලියේ ආරම්භක තරගය නුවර කණ්ඩායම සහ දඹුල්ල කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කරගත් නුවර කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට හැකි වුණා.

එහිදී Mark Chapman ලකුණු 91ක් සහ Chamindu Wickramasinghe ලකුණු 62ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා නුවර කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 180ක්.

 
(colombotimes.lk)