LPL 2024 - JK Vs DS | කැපී ගිය කුසල්ගෙන් ශතකයක් - යාපනයට ලකුණු 192ක ඉලක්කයක්



LPL තරගාවලියේ Jaffna Kings කණ්ඩායම සහ Dambulla Sixers කණ්ඩායම අතර තරගය මේ වන විට පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Jaffna Kings කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් Dambulla Sixers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගත්තා.

එහිදී Kusal Perera ශතකයක් වාර්තා කරමින් ලකුණු 102ක් රැස් කළා.

ඒ අනුව තරගය ජයග්‍රහණය කිරීම සඳහා Jaffna Kings කණ්ඩායමට හිමි වන ඉලක්කය ලකුණු 192ක්.

(colombotimes.lk)