colombotimes.lk
සිංහල | English

03 July 2024

LPL 2024 | තරගාවලිය අරඹමින් නුවර - දඹුල්ල අද තරග බිමට



2024 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් (01) ආරම්භ වනවා.

එයට කණ්ඩායම් 5ක් ඇතුළත්.

5 වන වරට පැවැත්වෙන මෙවර LPL තරගාවලිය අවසන් මහා තරගයද ඇතුළුව තරග 24කින් සමන්විත වනවා.

මෙම තරග පල්ලෙකැලේ, ආර්.ප්‍රේමදාස සහ රංගිරි දඹුල්ල යන ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ තුන ක්‍රේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.  

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 6.15ට ආරම්භ වන අතර තරගාවලියේ පළමු තරගය රාත්‍රී 7.30ට ආරම්භ වනවා.

මේ අතර ආරම්භක තරගය පැවැත්වෙන්නේ වත්මන් LPL ශූරයින් වන නුවර කණ්ඩායම සහ වත්මන් LPL අනුශූරයින් වන දඹුල්ල කණ්ඩායම් අතරයි.
 
ඒ නුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

(colombotimes.lk)