LPL 2024 | පළමු තරගයේ ජය වනිඳුගේ කණ්ඩායමට



ලංකා ප්‍රිමියර් ලීග් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (01) පැවති පළමු තරගය ජයගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ දඹුල්ල සික්සර්ස් කණ්ඩායම කඩුලු 06කින් පරාජයටපත් කරමින්.

තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දඹුල්ල සික්සර්ස් කණ්ඩායමට ආරාධනා කළා.

එහිදී පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල සික්සර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.

ඒ අනුව ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 02ක් අවසානයේ ලකුණු 183ක් රැස්කරමින් සිය ජයග්‍රහණය වාර්තා කළා.
(colombotimes.lk)