colombotimes.lk
සිංහල | English

08 September 2024


LPL 2024 | කොළඹ පරදා නුවර අවසන් පූර්ව තරගයට



2024 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේ 2වන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම ඊයේ (18) සමත් වුණා.

ඒ, Colombo Strikers කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති Eliminator තරගය කඩුලු 2කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.

Eliminator තරගයේ පළමුව පන්දුවට පහර දුන් Colombo Strikers කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 159ක් රැස් කරගත්තා.

ලකුණු 160 ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය Kandy Falcons කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 4ක් තුළ කඩුලු 8ක් දැවී තරගය ජයග්‍රහණය කළා.

ඒ අනුව Jaffna Kings සමඟ 2වන අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වුණා.

හෙට රාත්‍රී 7.30ට 2වන අවසන් පූර්ව තරගය පැවැත්වීමට නියමිතයි.

(colombotimes.lk)