22 November 2024


ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි



ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට අද (06) පස්වරු 4.00 සිට හෙට (07) පස්වරු 4.00 දක්වා බලපැවැත්වෙන පරිදි පූර්ව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවැන්වැල්ල, දෙහිඹ්විට, යටියන්තොට, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, වරකාපොළ සහ අරණායක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත 'අවදානයෙන් සිටින්න' යනුවෙන් දැනුම්දී තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බදුල්ල, ගාල්ල, කළුතර, මහනුවර, කුරුණෑගල, සහ මාතර දිස්ත්‍රික්කවල අවදානම් ප්‍රදේශ සඳහා 'විමසිලිමත්ව සිටින්න' යනුවෙන්ද නායයෑම් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

(colombotimes.lk)