06 August 2025

logo

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රක්ෂණාවරණය ගැන අලුත්ම තීරණය



පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වූ සමූහ රක්ෂණාවරණ සීමාව සංශෝධනය කිරීමට මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. 

ඒ අනුව 2025.10.09 වන දිනයෙන් ආරම්භ වීමට නියමිත රක්ෂණ වර්ෂයේ සිට ඉදිරියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සඳහා වන රක්ෂණාවරණයේ ප්‍රතිලාභ රුපියල් 250,000කට සීමා කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට වර්ෂයක් සඳහා රුපියල් මිලියනයක උපරිම රක්ෂණාවරණයකට යටත් වන අයුරින් සමූහ රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට 2023.05.15 වන දින කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා. 

ඒ අනුව පසුගිය කාලය තුළ එම රක්ෂණාවරණය සලසා දී තිබෙන බවයි වාර්තා වන්නේ.
 
මෙවර අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේදී ජනාධිපතිවරයා විසින් එම රක්ෂණාවරණ සීමාව රුපියල් 250,000 දක්වා අඩුකිරීමට යෝජනා කර තිබෙනවා. 

(colombotimes.lk)