11 July 2025

logo

පුංචි ඡන්දයේ වියදම් වාර්තා ලබා නොදුන් අයට නීතිමය පියවර



පසුගිය මැයි 6වනදා පැවති පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත් වූ අපේක්ෂකයන්, දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 2,433ක් ආදායම් වියදම් වාර්තා ලබාදී නොමැති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

එහි සභාපති ආර්. එම්. ඒ. එල් රත්නායක සඳහන් කළේ අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් ලබාදී ඇති බවයි. 

ඒ අනුව ඔවුන්ගේ විස්තර ඒ ඒ දිස්ත්‍රික්කවල පොලිස් ස්ථාන වෙත භාරදෙන ලෙස තේරීම්භාර නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. 

අනතුරුව ඔවුන් නීතිපති උපදෙස් විමසීමෙන් අනතුරුව එම පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)