ඊයේ (12) දිනය වන විට උපරිම සිල්ලර මිලට වඩා වැඩියෙන් සහල් අලෙවි කිරීම සම්බන්ධයෙන් වෙළඳසැල් 5,500කට අධික සංඛ්‍යාවක් වටලා තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ එහිදී උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වෙළඳුන් 4,070කට එරෙහිව නීතිමය පියවර ගත් බවයි.
මේ අතර සහල් ආශ්‍රිත වැරදි සඳහා වෙළඳුන් 1,555දෙනෙක්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
මෙයට අධික මිල ගණන් යටතේ සහල් අලෙවි කළ වෙළෙන්දන් 462දෙනෙක්, මිල ප්‍රදර්ශනය නොකළ වෙළෙන්දන් 1,004දෙනෙක් සහ සහල් සඟවා තබා විකිණීම ප්‍රතික්ෂේප කළ වෙළෙන්දන් 89දෙනෙක් ඇතුළත්.
(colombotimes.lk)