11 July 2025

logo

වසා ඇති අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා විවෘත කිරීමට පියවර



වසා දමා තිබෙන අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලය මෙම මස 15වනදා අධ්‍යයන කටයුතු සඳහා විවෘත කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ ඊයේ (12) පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී දිලිත් ජයවීර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

විශ්ව විද්‍යාලයේ පැවති නවක වධ සහ වෙනත් විනය කටයුතු මත පසුගිය වසරේ ජූලි මාසයේ සිට වසා දමා තිබෙනවා.

පවතින තත්ත්වය සම්බන්ධයෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සමඟ සිදු කළ සාකච්ඡා අනුව අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීමට එකඟතාව පළ කළ බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

(colombotimes.lk)