13 March 2025


ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයට සභාපතිවරයෙක් පත්කරයි



10වන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධූරයට පරිසර අමාත්‍ය දම්මික පටබැඳි තේරී පත් වී තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය නැවත ස්ථාපිත කිරීම සඳහා වන රැස්වීම පසුගියදා කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මේ අතර ශ්‍රී ලංකා - වියට්නාම පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ ලේකම් ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීනි නීතිඥ හසාරා ලියනගේ තේරී පත් වී තිබෙනවා.

 
(colombotimes.lk)